චීන - රුසියා මාධ්‍ය අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ
2023-03-23 09:20:44
Share with:

චීන මාධ්‍ය සමූහය සහ සමස්ත රුසියානු ජාතික රූපවාහිනී හා ගුවන් විදුලි සේවා සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියානු නිල සංචාරය අතරතුර චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු උප අධ්‍යක්ෂ, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ සමස්ත රුසියානු ජාතික රූපවාහිනී හා ගුවන් විදුලි සේවා සමාගමේ සභාපති Oleg Dobrodeev මහතා පසුගියදා(21) මොස්කව්හිදී එම ගිවිසුමට අත්සන් තැබූහ. 

මෑත වසරවල චීන මාධ්‍ය සමූහය හා සමස්ත රුසියානු ජාතික රූපවාහිනී හා ගුවන් විදුලි සේවා සමාගම ප්‍රායෝගික සහයෝගතා පුළුල් ලෙස පවත්වා ඵලදායි ප්‍රතිඵල සාක්ෂාත් කර ගෙන ඇත. අදාල ගිවිසුමට අනුව චීන රුසියානු සංස්කෘතික හුවමාරු ව්‍යාප්ත කරමින් දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය තහවුරු කිරීම සඳහා සාමාන්‍යකරණ සහයෝගීතා යාන්ත්‍රණයක් ස්ථාපිත කර, තාක්ෂණික නිර්මාණශීලිත්වය, පිරිස් හුවමාරු, වෙළඳපොල ගවේෂණය යනාදිය අතින් සහයෝගතා තවදුරටත් පුළුල් කිරීමට දෙපාර්ශ්වය සාකච්ඡා මගින් තීරණය කර ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම