සමස්ත ලෝකයටම වැදගත් වන චීන-රුසියා උපායමාර්ගික සහයෝගීතාවය
2023-03-23 10:39:57
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ රුසියාවේ නිල සංචාරය ඊයේ(22) අවසන් විය. හෙතෙම යළි චීන ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදු කළ ප්‍රථම නිල විදේශ සංචාරය මෙය වන අතර ජනාධිපතිවරයා ලෙස ඔහුගේ නව වැනි රුසියානු සංචාරය වන්නේ ද මෙයයි.

මෙහි දී චීන-රුසියා ජනාධිපතිවරු ඒකාබද්ධ නිවේදන දෙකකට අත්සන් කළහ. එමෙන්ම කෘෂිකර්මාන්තය, වන වගාව, මූලික විද්‍යාත්මක පර්යේෂණ ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතා ලේඛන රැසකට ද දෙපාර්ශ්වය අත්සන් තැබීය.

එහි දී අත්සන් කෙරුණු ‘නව යුගයේ පූර්ණ උපායමාර්ගික සහයෝගීතාවය පුළුල් කිරීම පිළිබඳ චීන-රුසියානු ඒකාබද්ධ ප්‍රකාශය’ මගින් පොදුවේ අවධානයට ලක්වන ගැටළු හා ලෝක තත්ත්වය පිළිබඳ දෙපාර්ශ්වයේ පොදු ආකල්ප පිළිබිඹු කෙරේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල්‍ ලෙස, චීනය හා රුසියාව ලොව බහු ධ්‍රැවීකරණය හා ජාත්‍යන්තර සබඳතාව සඳහා වන ප්‍රජාතාන්ත්‍රීකරණය ස්ථිරව තහවුරු කරන අතර, ලෝක සාමය හා ආරක්ෂාව සුරැකීමේ ගාමක බලවේගයන් ලෙස ද දෙරට ක්‍රියා කරන බවත් එම ප්‍රකාශයෙන් තහවුරු කර තිබේ.

යුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනය සහ රුසියාව සිය ඒකාබද්ධ ප්‍රකාශය මගින් අවධාරණය කර ඇත්තේ ගැටලුව ස්ථාවරව විසඳීමට හොඳම මාර්ගය වගකීම් සහගත සංවාදය බවයි. සාම සාකච්ඡා කඩිනමින් යළි ආරම්භ කිරීම වෙනුවෙන් පෙනී සිටින බව ද රුසියාව යළිත් අවධාරණය කර ඇත. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් යුක්රේන අර්බුදය නිරාකරණය කිරීමට චීනය දැක්වූ දායකත්වය රුසියාවේ පැසසුමට ද ලක් විය. එම අර්බුදයේ දී චීනය දැක්වූ යුක්ති සහගත සහ සාධාරණ ආකල්ප පොදු ඇගයීමට ලක්වීම මෙමගින් සනාථ වී ඇත.

කැළඹිලි සහිත ලෝකයක් හමුවේ, චීනය සහ රුසියාව අතර පවතින ශක්තිමත් සහයෝගීතාවය ගෝලීය ආරක්ෂාව හා සංවර්ධනය තවදුරටත් සහතික කරනු ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම