වෙසක් උත්සවය ජාතික මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් ඉතා උත්කර්ෂවත්ව සැමරීමට ජනාධිපතිවරයා ගෙන් උපදෙස්
2023-03-23 18:40:10
Share with:

මෙවර වෙසක් උත්සවය ජාතික මෙන්ම ප්‍රාදේශීය මට්ටමින්  ඉතා උත්කර්ෂවත්ව සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සැලසුම් කර තිබෙන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි.

ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේ “බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය” පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති මූලික සාකච්ඡාවේ දී ය.

“බුද්ධ රශ්මි  ජාතික වෙසක් මංගල්‍යය”  2023 මැයි 05,06 සහ 07 යන තෙදින  කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍ර ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම