රාජ්‍ය අංශය ව්‍යාපාරවලින් ඉවත්වී නිදහස් ආර්ථිකයක් ඇති කරන බව ජනාධිපතිවරයා පවසයි
2023-03-23 18:41:05
Share with:

මෙරට දේශපාලනඥයින් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට සිහින දුටුව ද, ඇතැම් දේශපාලන ව්‍යාපාරවල තීන්දු තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවට පසුගිය 75 වසර තුළ සිදුවූ විනාශය අතිමහත් බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ 71වන ගුණ සමරු වැඩසටහනට එක්වෙමිනි.

ශක්තිමත් හා බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සේනානායක උරුමය ඉදිරියට ගෙනයා යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර කොල්ලුපිටිය, පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ති ආරාමාධිපති ආචාර්ය පූජ්‍ය බණ්ඩාරවෙල විමලධර්ම ස්වාමීන් වහන්සේ විශේෂ අනුශාසනාවක් සිදු කළහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, රාජ්‍ය අංශය ව්‍යාපාර කිරීම නිසා පසුගිය දශකවලදී මහවැලිය වැනි ව්‍යපෘති 100ක් පමණ ඉදිකිරීම සඳහා තිබු මුදල් විනාශ වී ගිය බවය. ඉදිරියේදී රාජ්‍ය අංශය ව්‍යාපාරවලින් ඉවත්ව, එය පෞද්ගලික අංශයට විවෘත කර නිදහස් හා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම