හොන්ඩියුරාස් රාජ්‍යය සමග සමානාත්මතාව හා අන්‍යෝන්‍ය ගරු කිරීමේ පදනම මත ද්විපාර්ශ්වික සබඳතාව ගොඩනැගීමට චීනයේ කැමැත්ත
2023-03-23 20:38:06
Share with:

හොන්ඩියුරාස් රාජ්‍යය සමග සමානාත්මතාව හා අන්‍යෝන්‍ය  ගරු කිරීමේ පදනම මත ද්විපාර්ශ්වික සබඳතාව ගොඩනැගීමට චීනය කැමැත්තෙන් සිටී.

චීනය සමග සබඳතාව පිළිබඳ හොන්ඩියුරාස් ජනාධිපති Xiomara Castro මහත්මිය ගෙන ඇති තීරණය ලෝක ප්‍රවණතාවට ගැළපෙන අතර එය හොන්ඩියුරාස් සැබෑ තත්ත්වයට අනුව සිදු ගත් තීරණයක් බව මෑතකදී හොන්ඩියුරාස් විදේශ ඇමති Eduardo Reina මහතා සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.

ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා පැවසුවේ චීනය සමග සබඳතාව වර්ධනය කිරීම පිළිබඳ හොන්ඩියුරාස් රජයේ සක්‍රීය ප්‍රකාශය චීනය පිළි ගන්නා බවයි. සමානාත්මතාව හා අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීමේ පදනම මත  ද්වීපාර්ශ්වික සබඳතාව ගොඩනැගීම හා වර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Wang Wenbin මහතා කීය. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම