චීන ජනපතිගේ රුසියාවේ නිල සංචාරය මිත්‍රත්වය, සහයෝගීතාවය සහ සාමය සඳහා වන ගමනක්‍
2023-03-23 10:57:52
Share with:

2013 වසරේ දී, ෂී ජින් පිං මහතා චීන ජනාධිපති ධූරය භාර ගැනීමෙන් පසු සිදු කළ පළමු විදේශ සංචාරය සිදු කළේ ද රුසියාවටයි.  එයින් වසර 10කට පසු, ෂී ජින්පිං මහතා යළිත් වරක් රුසියාව නව ධූර කාලයේ පළමු නැවතුම ලෙස තෝරා ගත්තා. එය වැදගත් දේශපාලන තීරණයක් වන අතර, එය මිත්‍රත්ව, සහයෝගීතාවය සහ සාමය සඳහා වන ඓතිහාසික ගමනක්‍.

ගෙවී ගිය වසර දහය තුළ, ෂී ජින්පිං මහතා සහ රුසියාවේ ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා සමීප සබඳතා පවත්වා ඇති අතර අන්‍යොන්‍ය සහයෝගයෙන් කටයුතු කළා. ජනාධිපතිවරුන් දෙදෙනා අතර ඇති ඉහළ අන්‍යෝන්‍ය විශ්වාසය, නව යුගයේ චීන-රුසියානු විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයට උපායමාර්ගික මඟ පෙන්වීමක් සහ ශක්තිමත් දේශපාලන පදනමක් ද සපයනවා. එම හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කිරීම දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ලබා දෙනවා පමණක් නොව, මානව වර්ගයාගේ සංවර්ධනයට නව දායකත්වයක් ලබා දෙනු ඇති‍.

පසුගියදා පැවති සංචාරය අතරතුර, රාජ්‍ය නායකයින් දෙදෙනා ඒකාබද්ධ ප්‍රකාශ දෙකකට අත්සන් තබා ඉදිරි කාලයේ දෙරටේ සබඳතාව හා සහයෝගීතාවය පිළිබඳව සැලසුම් සකස් කර තිබෙනවා. දෙරටේ මූලික අවශ්‍යතා පිළිබඳ කරුණුවල දී එකිනෙකාට සහය වන බවත්, අභ්‍යන්තර කටයුතුවල දී සිදු වන බාහිර මැදිහත් වීම්වලට ඒකාබද්ධව විරුද්ධ වන බවත් දෙපාර්ශ්වයම එහි දී යළිත් අවධාරණය කළා.

යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් ද ෂී ජින්පිං මහතා හා ව්ලැද්මීර් පුටින් මහතා අවංක හා ගැඹුරු ලෙස අදහස් හුවමාරු කර ගත්තා. ඉතිහාසයේ නිදසුන්වලට අනුව, ගැටුම් අවසන් කිරීමට නම් එය විසඳා ගත යුත්තේ සංවාදයෙන් සහ සාකච්ඡා මාර්ගයෙන් බව ෂී ජින්පිං මහතා එහි දී පෙන්වා දුන්නා.

මේ විශේෂ කාලපරිච්ඡේදයේ දී, ෂී ජින්පිං මහතා චීනයේ විදේශ ප්‍රතිපත්තියේ නිශ්චිතභාවය හරහා වර්තමාන ජාත්‍යන්තර තත්ත්වයට වටිනා ස්ථාවරත්වයක් ද එක් කර තිබෙනවා

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම