ආර්ථිකය සහ ජාත්‍යන්තර දේශපාලන පරිසරය තුළ ඇමරිකාවේ ඒකපාර්ශ්වීය මැදිහත්වීම බොහෝ රටවලට හානිකරයි - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රදීප් උලුවඩුගේ මහතා
2023-03-22 09:21:10
Share with:

චීනයේ වාර්ෂික ජාතික සැසිවාර දෙක චීනයට පමණක් නොව සමස්ත ලෝකයේම ආර්ථික දිශානතියට අවශ්‍ය මඟ පෙන්වීමක් ලබා දුන්නේය. එමෙන්ම චීන අභ්‍යන්තර දේශපාලනය ව්‍යුහයේ පවතින අඛණ්ඩ ස්ථාවරත්වය මෙවරත් සැසිවාර දෙක තුළින් මනාව පෙන්නුම් කළ බව ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රදීප් උලුවඩුගේ මහතා ප්‍රකාශ කළේය .

පසුගිය වසර කිහිපය තුළ සමස්ත ලෝකයම විවිධ අභියෝගවලට මුහුණ දුන්නේය. එවැනි අභියෝග හමුවේ චීනය ඉහළ ආර්ථික හා සාමාජීය ප්‍රගතියක් සමග ඉදිරියට පැමිණ ඇත. ගෙවුණු වසර පහ තුළ සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය සියයට 5ක් ලෙස පවත්වා ගැනීම තුළින් ඒ බව ගම්‍ය වේ.

චීනය විවිධ ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් ලෝකයේ රටවල් සමග යුධමය සබඳතා වර්ධනය කර ගන්නවා වෙනුවට සහයෝගිතාවය මත පදනම් වූ විදේශ ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යන බව හෙතෙම කියා සිටී. සියලුම අංශයන් කෙරෙහි අවධානය යොමු කරන විට චීනය අද වන විට ලෝකයේ වැදගත්ම දායකත්වයක් ලබා දෙන රාජ්‍යයක් බවට පත් වෙමින් තිබෙන අතර, ඇමරිකා එක්සත් ජනපදයේ ආධිපත්‍යය ක්‍රමිකව හීන වෙමින් පවතී.

ලෝක බැංකුවේ වාර්තාවලට අනුව ද 2031 වන විට ඇමරිකාවේ ආර්ථිකයේ විශාල පසුබෑමක් සිදු වන බවත් ඔවුන් අභිබවා චීනය ඉදිරියට පැමිණෙන බවත් සඳහන් කෙරේ. ආර්ථිකමය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර දේශපාලන පරිසරය තුළ ද ඇමරිකාවේ ඒකපාර්ශ්වීය මැදිහත්වීම බොහෝ රටවලට හානිකර වෙමින් පවතී. නමුත් චීනය විවිධ අර්බුද, ව්‍යසන, රාජ්‍යන් අතර පවතින ගැටුම්, පාරිසරික කටයුතු, න්‍යෂ්ටික ආයුධ සම්බන්ධ ගැටලු ආදී අවස්ථාවල දී සාධාරණ සහ සංවේදී මැදිහත්වීමක් සිදු කරන රාජ්‍යක් බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රදීප් උලුවඩුගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම