චීන-රුසියානු මාධ්‍ය වටමේස සමුළුව මොස්කව් නුවරදී සාර්ථකව
2023-03-22 21:09:27
Share with:

       

      චීන-රුසියානු මාධ්‍ය වටමේස සමුළුව සාර්ථක ව පැවැත්වේ.

      චීන මාධ්‍ය සමූහය සහ Russia Today ජාත්‍යන්තර මාධ්‍ය සමූහය ඒකාබද්ධ ව සංවිධාන කළ එම වටමේස සමුළුව අද (22 ) රුසියාවේ මොස්කව් ජාත්‍යන්තර සම්බන්ධතා ආයතනයේදී පැවැත්විණ. “චීන ලක්ෂණවලින් යුත් නවීකරණය හා ලෝකයේ නව අවස්ථා ”එහි ප්‍රධාන තේමාවයි. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයි ශියොං මහතා සහ රුසියාවේ ප්‍රධාන මාධ්‍ය ආයතනවල හා විශ්ව විද්‍යාලවල ප්‍රධානීන්, චීන හා රුසියාවේ රාජ්‍ය නිලධාරීන් හා විද්වතුන් ඊට එක් වෙමින් සාකච්ඡා පවත්වා ඇත.

මීට වසර 10කට පෙර චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රථම වරට පොදු ඉරණමක් සහිත ජගත් ප්‍රජාව ගොඩ නැගීමේ සංකල්පය ඉදිරිපත් කළේ මොස්කව් ජාත්‍යන්තර සම්බන්ධතා ආයතනයේදී බව ශෙන් හයි ශියොං මහතා සමුළුව අමතමින් සිහිපත් කළේ ය. ගෙවී ගිය වසර 10 තුළ ෂී ජින් පිං ජනාධිපතිවරයා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ , ගෝලීය සංවර්ධන මුල පිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ඉදිරිපත් කර තිබේ. ඉන් පොදු ඉරණමක් සහිත ජගත් ප්‍රජාව ගොඩ නැගීමේ සංකල්පය වඩාත් පෝෂණ වී ඇතැයි ශෙන් හයි ශියොං මහතා සඳහන් කළේය. චීන මාධ්‍ය සමූහය චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එම මුලපිරුම් අනුව වඩාත් පුළුල් අන්දමින් සිය මාධ්‍ය මෙහෙවර ඉටු කරමින් රුසියාව ඇතුළු ලොව විවිධ රටවල මාධ්‍ය ආයතන සමග එක්ව කටයුතු කරනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

           චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ පොදු ඉරණමක් සහිත ජගත් ප්‍රජාව ගොඩ නැගීමේ සංකල්පය හා එක් තීරය්ක එක් මාවතක් වැඩපිළිවෙළ කෙරෙහි ප්‍රසාදය පළ කරන බවත්, ‍චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ගෝලීය ආරක්ෂක මුලපිරුමේ රාමුව තුළ චීනය සමග එක්ව ලෝක සාමය හා ආරක්ෂාව සුරකින බවත්, සමුළුවට එක් වූ රුසියානු නිලධාරීහු හා විද්වත්හු කියා සිටියහ. චීන ලක්ෂණවලින් යුත් නවීකරණය අධ්‍යයනය කරමින් එය ආදර්ශයන් ලෙසට ගන්නා බව ඔවුහු පැවසූහ. ඉදිරියේදී චීන මාධ්‍ය සමූහය සමග අඛණ්ඩව සහයෝගිතා පවත්වා ගෙන යාමට සමුළුවට එක් වූ රුසියාවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැමැත්ත පළ කර ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම