චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා ඊයේ (21) "2030 වසරට පෙර ආර්ථික සහයෝගීතාවයේ ප්‍රධාන දිශාවන්ගේ සංවර්ධන සැලැස්ම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුවේ සහ රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපතිවරුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශයට" අත්සන් තැබූහ.
ඒ අනුව, චීනය සහ රුසියාව ප්‍රධාන දිශාවන් අටක් ඔස්සේ ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව පවත්වාගෙන යයි.
පළමුවැන්න නම් වෙළඳ පරිමාණය පුළුල් කිරීම, වෙළඳ ව්‍යුහය ප්‍රශස්ත කිරීම, ඊ-වාණිජ්‍යය සහ වෙනත් නව්‍ය සහයෝගීතා ආකෘති සංවර්ධනය කිරීමයි. දෙවැන්න අන්තර් සම්බන්ධිත සැපයුම් පද්ධතිය ප්‍රබල ලෙස සංවර්ධනය කිරීමයි. තෙවැන්න මූල්‍ය සහයෝගීතාවයේ මට්ටම ඉහළ නැංවීමයි. සිව්වැන්න නම් සම්පූර්ණ බලශක්ති සහයෝගිතා හවුල්කාරිත්වය තහවුරු කිරීමයි. පස්වැන්න නම් වෙළඳපොළ ඉලක්ක කරගත් මූලධර්ම මත ලෝහ කර්මාන්තය, රසායනික පොහොර, රසායනික නිෂ්පාදන සහ අනෙකුත් තොග භාණ්ඩ සහ ඛනිජ සම්පත් යන ක්ෂේත්‍රවල සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ දිගුකාලීන අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සැපයුම් සහයෝගීතාවයක් වර්ධනය කිරීමයි. හයවැන්න වන්නේ දෙරට අතර තාක්ෂණයේ ඉහළ මට්ටමේ සංවර්ධනය සහතික කිරීම සඳහා තාක්ෂණික හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ හුවමාරු සහ උසස් තත්ත්වයේ සහයෝගීතාවයන් ප්‍රවර්ධනය කිරීමයි. හත්වැන්න කාර්මික සහයෝගීතාව වැඩිදියුණු කිරීමයි. අටවැන්න කෘෂිකාර්මික සහයෝගීතා මට්ටම ඵලදායී ලෙස වැඩිදියුණු කිරීම සහ දෙරටේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමයි.