චීන ජනාධිපතිවරයාගේ මෙවර රුසියානු සංචාරයෙන් පොදු ඉරණමක් සහිත ජගත් ප්‍රජාව ගොඩ නැගීමේ සංකල්පයට නැවුම් අර්ථයක්
2023-03-22 19:08:42
Share with:

               

                 ෂී ජින් පිං මහතා චීන ජනාධිපති ධූරයට නැවත පත් වීමෙන් පසු ‍සිය පළමු විදේශ සංචාරය සඳහා තෝරා ගත්තේ රුසියාව ය. චීනය හා රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජිකයන් මෙන් ම ලොව බලවතුන් දෙකකි. එබැවින් චීන ජනාධිපතිවරයාගේ මෙවර රුසියානු සංචාරය පොදු ඉරණමක් සහිත ජගත් ප්‍රජාව ගොඩ නැගීමේ සංකල්පයට නැවුම් අර්ථයක් එක්කර ඇතැයි ජගත් විචාරක මතය වේ.

                 පොදු ඉරණමක් සහිත ජගත් ප්‍රජාව ගොඩ නැගීමේ සංකල්පය ප්‍රථමයෙන් ඉදිරිපත් කරනු ලැබුවේ මීට වසර 10කට පෙර ෂී ජින් පිං මහතා රුසියාවේ මොස්කව් ජාත්‍යන්තර සබඳතා ආයතනයේ දේශනයක් පැවැත්වූ අවස්ථාවේදී ය. ජාත්‍යන්තර තත්ත්වය සංකීර්ණ වෙමින් පවතින වත්මන් කාලයේ ලොව සෑම රටක ඉරණම එකට බැඳී ඇත. ලෝක සාමය හා පොදු සංවර්ධනය වෙනුවෙන් සියලු රටවල් එක්ව කටයුතු කළ යුතු බවත්, සහයෝගිතාව කේන්ද්‍ර කරගෙන නව ආකාරයේ ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩ නගා ගත යුතු බවත්, චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

                 ගෙවුණු වසර 10 තුළ පොදු ඉරණමක් සහිත ජගත් ප්‍රජාව ගොඩ නැගීමේ සංකල්පය චීනය රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට පමණක් නොව චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යස්ථාවටත් චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ඇතුළත් කර තිබේ. එමෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර හා කලාපීය සංවිධානවල ලියවිලිවලට ද එම සංකල්පය එක් කර ඇත. මේ වන විට පොදු ඉරණමක් සහිත ජගත් ප්‍රජාව ගොඩ නැගීමේ සංකල්පය ජගත් ප්‍රජාවෙ විසින් පොදුවේ පිළිගෙන තිබේ. චීන ලක්ෂණවලින් යුත් නවීකරණය කරා ගමන් කරමින් සිටින චීනය එම සංකල්පයට ක්‍රමානුකූලව කටයුතු කරමින් සිටී.

 

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම