චීන මාධ්‍ය සමූහය සහ රුසියානු පුවත්පත් ඒජන්සිය අතර අවබෝධතා ගිවිසුමක්
2023-03-22 14:59:42
Share with:

චීන මාධ්‍ය සමූහය සහ රුසියානු පුවත්පත් ඒජන්සිය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියා නිල සංචාරය අතරතුර චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු උප අධ්‍යක්ෂ, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ රුසියානු පුවත්පත් ඒජන්සියේ සභාපති Pavel Negoitsa මහතා ඊයේ(21) මොස්කව්හිදී එම ගිවිසුමට අත්සන් තැබූහ.

‍චීන-රුසියානු නව යුගයේ පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාවේ විධිමත් හා ස්ථාවර සංවර්ධනය තහවුරු කිරීම සඳහා සාමාන්‍යකරණ සහයෝගීතා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමටත්, ප්‍රවෘත්ති හුවමාරුව, ඒකාබද්ධ සඟරා, පුද්ගල පුහුණුව සහ තාක්ෂණික හුවමාරු යනාදී ක්ෂේත්‍රවල පුළුල් සහයෝගීතාවක් ඇති කිරීමටත් දෙපාර්ශ්වය එකඟ වූහ.

අත්සන් තැබීමේ උත්සවයේදී රුසියානු පුවත්පත් ඒජන්සිය වෙනුවෙන් Pavel Negoitsa මහතා චීන මාධ්‍ය සමූහය ස්ථාපිත කිරීමේ 5වැනි සංවත්සරයට සුබ පැතුම් පිරිනැමීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම