චීන ජනාධිපතිවරයා රුසියාවේ නිල සංචාරය නිමා කර චීනයට ආපසු එයි
2023-03-22 16:16:45
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියාවේ නිල සංචාරය අවසන් කර චීනයට පැමිණෙයි.  අද (22) උදෑසන ජනාධිපතිවරයා චීනය වෙත ආපසු පැමිණියේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලයේ ස්ථාවර සාමාජික හා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ කාර්ය මණ්ඩල ප්‍රධානි Cai Qi මහතා, චීන  කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික හා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කමිටු කාර්යාල ප්‍රධානි Wang Yi මහතා, චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ ඇමති Qin Gang මහතා සහ පරිවාර පිරිස ද එම ගුවන් යානයෙන්ම ආපසු පැමිණයහ.

චීන ජනාධිපතිවරයා මොස්කව් නුවරින් පිටත්ව යන අවස්ථාවේ, රුසියානු උපඅග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ගුවන්තොටුපළට පැමිණ ඔහුට හරසර දක්වා සමුගැනීමේ උළෙලක් පැවැත්වූහ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම