ඇතැම් බටහිර රටවල් Nord Stream ප්‍රශ්නය පිළිබඳ විමර්ශන යෝජනාවට සාධනීය ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි චීනය අපේක්ෂා කරයි
2023-03-22 19:46:06
Share with:

එක්සත් ජාත්තින්ගේ ආරක්ෂක මණ්ඩලය Nord Stream ප්‍රශ්නය පිළිබඳ ජාත්‍යන්තර ස්වාධීන විමර්ශන කමිටුවක් පිහිටුවීමේ යෝජනාවට ඇමරිකාව ඇතුළු ඇතැම් බටහිර සාමාජිකයෝ විරෝධය පළ කරති. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (22) පැවසුවේ අදාළ පාර්ශ්වයන් භූ දේශපාලනික ආත්මාර්ථකාමීත්වය පසෙක තබා ජාත්‍යන්තර එකඟතාවකට පැමිණීමට සාධනීය උත්සාහයක් දැරිය යුතු බවයි.

Nord Stream ස්වාභාවික ගෑස් නල මාර්ගය පිපිරීමේ සිද්ධියෙන් විශාල බලපෑමක් එල්ල වී ඇති අතර එම සිද්ධියේ සත්‍යය විමර්ශන කිරීම ජාත්‍යන්තර ප්‍රජාවේ බහුතර පුද්ගලයින්ගේ පොදු ඉල්ලීමක් බව Wang Wenbin මහතා පැවසීය. අදාළ සත්‍යය හැකි ඉක්මණින් හෙළිදරව් කිරීමට, රුසියාව ඉදිරිපත් කළ එම යෝජනාවට චීනය සහාය දෙන බව ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම