චීන ජනපති සහ රුසියානු අගමැති අතර හමුවක්
2023-03-22 09:14:39
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු අගමැති Mikhail Mishustin මහතා හමු වෙයි. 

ප්‍රාදේශීය වේලාවෙන් මාර්තු මස 21 වනදා පෙරවරුවේ රුසියානු ෆෙඩරල් රාජ්‍ය මන්දිරයේදී එම හමුව සිදු විය.

චීනය වසර 13ක් පුරා රුසියාවේ පළමු විශාලතම වෙළඳ හවුල්කරුවා වන බව ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළේය. දෙරටේ බලශක්ති සහයෝගතා අඛණ්ඩව පුළුල් වෙමින් විශාල පරිමාණ උපායමාර්ගික ව්‍යාපෘතීන් ප්‍රායෝගිකව ඉදිරියට ගෙන යමින් පවතී. මානව, සංස්කෘතික හා ප්‍රාදේශීය හුවමාරු ද ව්‍යාප්ත වී තිබේ. එක් තීරයක් එක් මාවතක් වැ‍ඩපිළිවෙළ හා යුරේසියානු ආර්ථික සංගමය සම්බන්ධීකරණයෙන් සංවර්ධනය කිරීමට චීනය උපරිම අවධානයක් යොමු කරයි. රුසියාව සමග එක්ව ‘චීනය හා යුරේසියානු ආර්ථික සංගමය අතර ආර්ථික වෙළඳ සහයෝගතා ගිවිසුම’ පූර්ණ ලෙස ක්‍රියාත්මක කරමින් වඩාත් ඉහල මට්ටමේ හා වඩාත් ගැඹුරු කලාපීය සහයෝගතා පැවැත්වීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

ෂී ජින්පිං ජනාධිපතිවරයා, තමා ජනාධිපති ධූරයට යළි පත්වීමෙන් පසු ප්‍රථම විදෙස් සංචාරයේ ගමනාන්තය ලෙස රුසියාව තෝරා ගැනීම අතිශයින් අර්ථවත් බවත් ඉන් නව යුගයේ රුසියානු චීන සම්බන්ධතාවයේ සුවිශේෂ වැදගත්කම පිළිබිඹු වී තිබෙන බවත් රුසියානු අගමැතිවරයා පැවසීය. දැනට රුසියානු චීන සම්බන්ධතාවය ඉතිහාසයේ ඉහළම මට්ටමේ පවතී. වත්මන් ජාත්‍යන්තර තත්ත්වය හමුවේ බහුපාර්ශ්විකවාදය, ලෝක බහුධ්‍රැවකරණය ප්‍රවර්ධනයට එය ඉවහල් වේ. වෙළඳාම, ආයෝජනය, ස්වාභාවික ගෑස්, සාමකාමීව න්‍යෂ්ටික බලශක්ති භාවිත කිරීම, අභ්‍යවකාශ කර්මාන්තය, විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය, අන්තර් දේශසීමා භාණ්ඩ ප්‍රවාහනය යනාදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් චීනය සමග සහයෝගතා පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම