ඇෆ්ගනිස්ථානයේ සිදුවූ භූමිකම්පාවකින් පුද්ගලයෝ සිව් දෙනෙක් ජීවිතක්ෂයට
2023-03-22 19:12:25
Share with:

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ භූමිකම්පාවකින් පුද්ගලයෝ සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. තවත් 70 කට අධික පිරිසක් තුවාල ලබා සිටිති.අදාළ තොරතුරු තවදුරටත් එක්රැස් කෙරෙමින් පවතින බැවින් තුවාල හෝ ජීවිත හානි සංඛ්‍යාවේ වැඩිවීමක් සිදුවිය හැකි බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටී.ලග්මාන් පලාතේ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 160කට අධිකය.උතුරු දිග බඩාක්ෂාන්  පලාතේ නිවාස 50කට අධික සංඛ්‍යාවකට ද හානි සිදුව තිබේ.විපතට පත් පවුල් වෙත මානුෂවාදී සහන ‍සලසන ලෙසට ඇෆ්ගනිස්ථාන වැඩබලන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා විසින් උපදෙස් දී තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම