ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපජලය මුහුදට මුදාහැරීමට එරෙහිව ජපන් ජනතාව පෙළ ගැසෙති
2023-03-22 10:28:06
Share with:

ටෝකියෝ විදුලිබල සමාගම විසින් ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයේ දූෂිත ජලය මුහුදට මුදාහැරීමේ සැලැස්මට සහ ජපාන රජයේ න්‍යෂ්ටික බලශක්ති ප්‍රතිපත්තියට එරෙහිව ජනතා විරෝධය පළ වේ. ජපානය පුරා විසිරී සිටින 5,000 කට ආසන්න පිරිසක් ඊයේ (21) පස්වරුවේ ටෝකියෝ නුවර දී රැලියකට එක්වෙමින් සිය විරෝධතාව පළ කළහ.

ෆුකුෂිමා සායන ඉදිකිරීම් කමිටුවේ අධ්‍යක්ෂ ජනරාල් Watanabe Kaoru පැවසුවේ, න්‍යෂ්ටික අපජලය මුදාහැරීමෙන් මුහුදු ආහාරවලට සිදුවන කීර්තිනාම හානිය සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය ජපාන යෙන් බිලියන ගණනක් වෙන් කර ඇති බවයි. නමුත් මෙය කීර්තිනාම හානියක් පමණක් නොවන බව පැවසූ ඔහු ,'මෙය විකිරණශීලී ද්‍රව්‍ය නිසා සිදුවන සැබෑ හානියක්' බව ද පෙන්වා දුන්නේය.

ෆුකුෂිමා සායන ඉදිකිරීම් කමිටුවට අනුව, 2022 ජූනි 30 වන විට, ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුරෙන් පසු එම කෝරළයේ තයිරොයිඩ් පිළිකා සම්බන්ධ සිද්ධීන් 338 ක් වාර්තා වී තිබේ. දරුවන් අතර තයිරොයිඩ් පිළිකා පැතිර යන බවට ද සැක කෙරෙන අතර, එය ජපානයේ සාමාන්‍ය මට්ටමට වඩා දස ගුණයකටත් වඩා  වැඩි අගයකි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම