චීන-රුසියානු ජනපතිවරු දෙරටේ සබඳතාව ගැඹුරු කිරීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තබති
2023-03-22 09:49:59
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා “ නව යුගයේ පූර්ණ උපාය මාර්ගික සහයෝගිතා සබඳතාව ගැඹුරු කිරීම පිළිබඳ චීනයේ හා රුසියාවේ ඒකාබද්ධ ප්‍රකාශය”ට අත්සන් තබති.  එය මොස්කව් හි ක්‍රෙම්ලින් මන්දිරයේදී සිදු කෙරිණ.

එම ඒකාබද්ධ ප්‍රකාශයට අනුව චීන රුසියා සබඳතාව, සීතල යුද සමයේ හමුදා දේශපාලන සන්ධානය වෙනුවට ඒ රටාව ඉක්මවූ නොබැඳි ප්‍රතිපත්තිය, ගැටුම් ඇති නොකිරීම සහ තුන්වන පාර්ශ්වයකට එරෙහිව ක්‍රියා නොකිරීමේ විශේෂත්වය සහිත සබඳතාව බවට පත් වේ. රුසියාවට සමෘද්ධිමත් මෙන්ම ස්ථාවර චීනය අවශ්‍ය වන අතර චීනයට ප්‍රබල මෙන්ම සාර්ථක රුසියාව අවශ්‍ය වේ. සමීප රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධීකරණ හා බහුපාර්ශ්වික සහයෝගතා පැවැත්වීම, සාධාරණය හා යුක්තිය ආරක්ෂා කිරීම මගින් නව ජාත්‍යන්තර සබඳතාව ගොඩනැගීම දෙපාර්ශ්වය ප්‍රවර්ධනය කරනු ඇත.

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන්, ඕනෑ රටක් හෝ රටවල් සමූහයක්, හමුදා, දේශපාලන හා සෙසු වාසි වෙනුවෙන් අනෙකුත් රටවල සාධාරණ ආරක්ෂාවට හානි සිදු කිරීමට දෙපාර්ශ්වයේ විරෝධය පළ කෙරේ. සාමකාමී සාකච්ඡාව කඩිනමින් යළි ආරම්භ කිරීමට වෑයම් කරන බව රුසියාව යළි ප්‍රකාශ කරයි. දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික ක්‍රම ඔස්සේ යුක්රේන අර්බුදය විසඳීම වෙනුවෙන් සක්‍රීයව දායකත්වය සැපයීමට චීනයේ ඇති කැමැත්ත රුසියාව පිළි ගනී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය රහිත ඕනෑම ඒකපාර්ශ්වික සම්බාධක පැනවීමකට දෙපාර්ශ්වයේ විරෝධය පළ කෙරේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම