චීන-රුසියානු ජනපතිවරු මාධ්‍ය හමුවකට එක්වෙති
2023-03-22 10:20:12
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා  මාධ්‍ය හමුවකට එක්වෙති. 

ජනාධිපතිවරු දෙපළ ඊයේ (21) රුසියාවේ මොස්කව් නුවර පැවති සාකච්ඡාවෙන් පසු එම මාධ්‍ය හමුවට එක්වූහ. 

පසුගිය දස වසර තුළ දෙරට අතර පැවති සංවර්ධනීය සබඳතාව මෙහිදී රාජ්‍ය නායකයන් දෙදෙනාගේ විමසුමට ලක්විය. ද්විපාර්ශ්විකත්වය ඉක්මවූ එම සබඳතා සමස්ත ලෝකයේ පැවැත්මට මෙන්ම  මානවයන්ගේ ඉදිරි ගමනට ද ඉතා වැදගත් වනු ඇතැයි ද ෂී ජින්පිං මහතා පැවසීය. 

සාම්ප්‍රදායික වෙළඳාම හා නව ක්ෂේත්‍රවල සහයෝගිතා එක්ව සංවර්ධනය කිරීම සහ මානව හුවමාරු පදනම තහවුරු කිරීම පිළිබඳව රුසියානු ජනපති සමඟ පොදු එකඟතාවන්ට එළඹෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය. 

යුක්රේන ගැටළුව සම්බන්ධයෙන්, සෑමවිටම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා මූලධර්ම අනුගමනය කරන චීනය, සාධාරණ ස්ථාවරයක හිඳ සාම සාකච්ඡා සක්‍රිය ලෙස සම්බන්ධීකරණය කරන බව ද චීන ජනාධිපතිවරයා  පැවසීය.

ව්ලැද්මීර් පුටින් මහතා සමඟ අඛණ්ඩව සමීප ලෙස අදහස් හුවමාරු කරමින්, චීන-රුසියානු සබඳතාව ස්ථිරව ඉදිරියට ගෙන යාමට කැමැත්තෙන් සිටින බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. 

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටවල් දෙක ලෙස චීනය හා රුසියාව ජගත් ප්‍රජාව සමඟ එක්ව, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා මූලධර්ම පදනම් කරගත් ජගත් සබඳතාවේ මූලික ප්‍රමිතීන් සුරක්ෂිත කරන බවද දෙපාර්ශ්වය අවධාරණය කළේය. 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම