චීන සහ රුසියානු ජනාධිපතිවරුන් මුණ ගැසෙති
2023-03-21 09:28:46
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා හමුවෙයි.

ආරාධනාවට අනුව, ඊයේ (20) පස්වරුවේ රුසියාවේ මොස්කව් නුවරට පැමිණි චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා මුණගැසිණ.

පුටින් මහතාගේ ආරාධනාවට අනුව, රුසියාවට යළි නිල සංචාරයට එක් වීමට ලැබීම පිළිබඳව තමන් සතුටු වන බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. වසර දහයකට පෙර චීන ජනාධිපති ධූරයට තේරී පත්වීමෙන් පසු ප්‍රථම විදෙස් නිල සංචාරයේ ගමන්නන්තය රුසියාව වූ බව හෙතෙම සඳහන් කළේය. ගත වූ දස වසර තුළ පුටින් මහතා සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වා ඇත.

රට සංවර්ධනය කිරීමට නියැළී සිටින චීනය හා රුසියාව ගෝලීය බහු ධ්‍රැවකරණයට අනුබල දෙමින් ජාත්‍යන්තර සබඳතාව ප්‍රජාතන්ත්‍රීකරණයට ප්‍රවර්ධනය කරනු ඇත. දෙරටේ ඒ ඒ ක්ෂේත්‍ර වල ප්‍රායෝගික සහයෝගීතා තවදුරටත් තහවුරු කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික වේදිකාවන් හි සම්බන්ධීකරණය ශක්තිමත් කර, සිය රටේ සංවර්ධනයට අනුබල දෙමින් ලෝක සාමයේ හා ස්ථාවරත්වයේ ප්‍රධාන ශක්තියක් බවට පත්විය යුතු බව ෂී ජින්පිං මහතා පවසා ඇත. 

රුසියාවට නිල වශයෙන් සංචාරය කිරීම පිළි ගන්නා පුටින් මහතා ෂී ජින්පිං මහතා යළි චීන ජනාධිපති ධූරයට තේරී පත් වීම සම්බන්ධයෙන් උණුසුම් සුබ පැතුම පළ කළේය.චීනය සමඟ ද්විපාර්ශ්වික ප්‍රායෝගික සහයෝගීතා අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් ජගත් කටයුතු වල අදහස් හුවමාරු හා සම්බන්ධීකරණය තහවුරු කර ගෝලීය බහු ධ්‍රැවකරණ හා ජගත් සබඳතාවේ ප්‍රජාතන්ත්‍රීකරණ ක්‍රියාවලියන් ප්‍රවර්ධනය කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බවද ව්ලැද්මීර් පුටින් මහතා සඳහන් කළේය.

අනතුරුව යුක්රේන ගැටළුව සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම