කොවිඩ් වසංගතය මුවාවෙන් සිදු කරන කවර ආකාරයේ හෝ දේශපාලන උපාමාරුවලට චීනයේ දැඩි විරෝධය
2023-03-21 19:23:42
Share with:

     කොවිඩ් වසංගතය මුවාවෙන් සිදු කරන කවර  ආකාරයේ හෝ දේශපාලන උපාමාරුවලට තරයේ විරුද්ධ වන බව චීනය ප්‍රකාශ කරයි.

     පසුගිය දා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්“කොවිඩ් වෛරස සම්භව පනත ”අත්සන් කර තිබේ. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන් බින් මහතා අද (21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී‍ මේ පිළිබඳව කියා සිටියේ කොවිඩ් වෛරස සම්භවය පිළිබඳ චීනයේ ස්ථාවරය වෙනස් නොවන බවයි. කොවිඩ් වෛරස සම්භවය සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් සිදු කෙරෙන විද්‍යාත්මක පරීක්ෂණ කටයුතුවලට චීනය සැමවිටම සහාය දෙන අතර ඊට ක්‍රියාශීලිව සහභාගි වේ. එමෙන් ම කොවිඩ් වසංගතය මුවාවෙන් සිදු කරන කවර  ආකාරයේ හෝ දේශපාලන උපාමාරුවලට චීනය තරයේ විරුද්ධ වන බව ද වං වෙන් බින් මහතා එහිදී පැවසීය. ඇමරිකාව සකස් කළ “කොවිඩ් වෛරස සම්භව පනත ” සත්‍ය විකෘති කරමින් චීනයට එරෙහිව අසත්‍ය තොරතුරු මවා ඇත. ඇමරිකාවේ එවන් ක්‍රියාකලාපයට චීනය දැඩි ලෙස විරුද්ධ වන බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම