ඇමරිකාවේ බැංකු අර්බුදය අනිවාර්ය සාධකයක් බව බ්‍රිතාන්‍ය‍ විශ්ලේෂකයෙක් පවසයි
2023-03-21 10:26:39
Share with:

ඇමරිකාවේ Silicon Valley බැංකුව වසා දැමීම හුදකලා සිද්ධියක් නොවන බව විශ්ලේෂක Larry Elliott මහතා ප්‍රකාශ කර ඇතැයි බ්‍රිතාන්‍යයේ The Guardian පුවත්පත වාර්තා කරයි.

ඇමරිකාවේ ආර්ථික ප්‍රතිපත්තිය අතිශය ලිහිල් මට්ටමේ සිට අතිශය දැඩි ස්ථාවරයක් දක්වා විතැන් වීම සහ එරටේ මූල්‍ය ආයතනවල අස්ථාවරත්වය ඇමරිකාවේ බැංකු අර්බුදයට හේතුවක් වී තිබේ.

ෆෙඩරල් මහ බැංකුවේ උත්තේජක පියවර ඉවත් කළ විට, පද්ධතිමය අර්බුදයක් මතු වනු ඇති බව Larry Elliott මහතා පළ කළ වාර්තාවේ සඳහන් වේ. එයට විසඳුම වන්නේ තවත් උත්තේජක පියවර ලබාදීම පමණයි. නමුත්, එම පියවර ඉදිරි අර්බුදයට බීජ වපුරණු ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම