"ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය" විසින් විෂ පොවා ඇත්තේ ඉරාකයට පමණක් නොවේ
2023-03-21 16:19:55
Share with:

වසර 20 කට පෙර මාර්තු 20 වැනි දා ඇමරිකාව, "සමූල ඝාතක අවි සතුවීම" යන ඊනියා හේතුව භාවිත කරමින්, බටහිර සහචරයින් එක්රැස් කර ඉරාකය ආක්‍රමණය කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලක්ෂ 2 කට අධික සිවිල් වැසියන් පිරිසක් මිය ගිය අතර, මිලියන 9 කට අධික ජනතාවක් අවතැන් වූහ. වසර 20ක් ගත වී ඇති නමුත් ඇමරිකාවට තවමත් මෙය සනාථ කිරීමට තීරණාත්මක සාක්ෂි ඉදිරිපත් කළ නොහැකි වී තිබේ. පුරාණ ශිෂ්ටාචාරයක් සතු රටක් වූ ඉරාකය යුද්ධයෙන් වනසා දමනු ලැබීය.

2023 වසරේ මාර්තු 20 වැනිදා, චීන විදේශ අමාත්‍යාංශය "2022  ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වය" නැමති වාර්තාව නිකුත් කළේ ය. මෙම වාර්තාව "ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ" සැබෑ මුහුණුවර තවදුරටත් අවබෝධ කර ගැනීමට ලෝකයට ඉඩ සලසයි.

සමස්ත රටක් මෙන්ම එරට පරම්පරා කීපයක අනාගතය විනාශ කිරීමෙන් පසු, ඇමරිකාව වගකීම් විරහිතව පිටව ගොස් තිබේ. "යුද යන්ත්‍රයක්" ලෙස ඇමරිකාව ක්‍රියාත්මක කරන ක්‍රමවේදය මෙයයි. චීන විදේශ අමාත්‍යාංශයේ ඉහත වාර්තාවට අනුව, ඇමරිකාව පිහිටුවීමේ සිට වසර 240 කට වැඩි කාලයක් තුළ, යුද්ධයක් නොමැතිව ගත වී ඇත්තේ වසර 16 ක් පමණි. ඇමරිකාව මෙතරම් යුදකාමී වන්නේ ඇයි? ඇමරිකානු උපජනාධිපතිනි Kamala Harris මීට පිළිතුරු දී තිබේ. වසර ගණනාවක් පුරා, ඇමරිකානු පරම්පරා ගණනාවක් තෙල් සඳහා යුද්ධ කර ඇතැයි ඇය සඳහන් කළා ය. සිය අවශ්‍යතා ආරක්ෂා කරගැනීමේ අරමුණින් ඇමරිකාව ඒකපාර්ශ්වික සම්බාධක වෙනත් රටවල් විනාශ කිරීමට භාවිතා කරයි. අධිපතිවාදය සහ හිංසා කිරීම "ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ" සැබෑ ලේබල බවට පත්ව තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම