ඇමරිකාව නිකුත් කළ මානව හිමිකම් වාර්තාව දේශපාලන බොරුවලින් සහ මතවාදී පක්ෂග්‍රාහීත්වයෙන් පිරී ඇති බව චීනය පවසයි
2023-03-21 18:51:01
Share with:

            ඇමරිකාව නිකුත් කළ 2022 වසරේ රටවල මානව හිමිකම් වාර්තාව දේශපාලන බොරුවලින් සහ මතවාදී පක්ෂග්‍රාහීත්වයෙන් පිරී ඇති බව චීනය පවසයි.

              ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ (20) 2022 වසරේ රටවල මානව හිමිකම් වාර්තාව නිකුත් කළේය. ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken එම වාර්තාව සඳහන් කරමින් චීනයේ මානව හිමිකම් තත්ත්වය විවේචනයට කළේ ය. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන් බින් මහතා අද (21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී‍ මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ ඇමරිකාව නිකුත් කළ 2022 වසරේ රටවල මානව හිමිකම් වාර්තාව දේශපාලන බොරුවලින් සහ මතවාදී පක්ෂග්‍රාහීත්වයෙන් පිරී ඇති බවයි. සෑම වසරකම ඇමරිකාව සෙසු රටවල මානව හිමිකම් තත්ත්වය මූලික කරගෙන සකස් කළ වාර්තාවලින් පිළිබිඹු වී ඇත්තේ මානව හිමිකම් ගැටළු නොව, ඇමරිකාවේ ආධිපත්‍යය හා කුහක දෙබිඩි පිළිවෙත බව වං වෙන් බින් මහතා එහිදී පෙන්වා දුන්නේ ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම