කාබන් විමෝචනය අඩු කිරීමට සහ දේශගුණික විපර්යාසයන්‍ට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට හදිසි පියවර ගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි
2023-03-21 18:44:11
Share with:

සැමට ජීවත්විය හැකි තිරසර අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ප්‍රමාදයකින් තොරව කාබන් විමෝචනය අඩු කිරීමට සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට හදිසි පියවර ගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. දේශගුණික විපර්යාස පිළිබඳ වාර්තාවක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව ප්‍රකාශ කළේය.

දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය සිය හයවන සංකලන  වාර්තාව ඉදිරිපත් කරමින්  හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මතුව ඇති දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීමට බහුවිධ, විකල්ප පවතින බව සඳහන් කර තිබේ.

එම මණ්ඩලය සෑම වසර හයකට හෝ හතකට වරක් ගෝලීය දේශගුණික ගැටළු පිළිබඳ සවිස්තරාත්මක විද්‍යාත්මක තක්සේරු වාර්තාවක් නිකුත් කරයි. මීට පෙර 2014 වසරේ දී ද එවැනි වාර්තාවක් නිකුත් කර තිබේ.

එය පැරිස් සම්මුතිය සඳහා විද්‍යාත්මක පදනමක් වී ඇති අතර, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පූර්ව කාර්මික මට්ටමට වඩා සෙල්සියස් අංශක දෙකකින් පහළ මට්ටමේ  තබා ගැනීමට සහ සෙල්සියස් අංශක 1.5 ක අඩු සීමාවක් සඳහා උත්සාහ දැරීමට ඊට සම්බන්ධ පාර්ශ්වකරුවෝ කැපවී සිටිති.

හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම හෝ වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග සමඟ දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීමට අදාළ පියවර ඒකාබද්ධ කිරීම් එම  වාර්තාවට අන්තර්ගත වෙයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම