කොරියානු අර්ධද්වීප ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇමරිකාව ද්විත්ව ප්‍රමිතීන් යොදා ගෙන ඇති බවට චෝදනා
2023-03-21 17:07:15
Share with:

කොරියානු අර්ධද්වීප ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇමරිකාව ද්විත්ව ප්‍රමිතීන් යොදා ගෙන ඇති බවට චීනය ‍චෝදනා කරයි.

කොරියානු අර්ධද්වීප තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(10) තාවකාලික සමුළුවක් පැවැත්විය. එක්සත් ජාතීන්ගේ චීන උප ස්ථාවර නියෝජිත Geng Shuang මහතා එහිදී පැවසුවේ න්‍යෂ්ටික අවි නිර්ව්‍යාප්ත ප්‍රශ්නය අතින් ඇමරිකාව න්‍යෂ්ටික අවි අත්හරින ලෙස උතුරු කොරියාවෙන් ඉල්ලුම් කරන අතරම න්‍යෂ්ටික අවි රහිත රටවල් වෙත අවි මට්ටමේ යුරේනියම් ටොන් ගණනක් මාරු කර ඇති බවයි. එය සැබෑ ලෙසම ද්විත්ව ප්‍රමිතීන් අනුගමනය කිරීමක් ලෙසට හෙතෙම චෝනදා කළේය. ඇමරිකාව ඇතුළු රටවල් තුනක් න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගිතා මගින් න්‍යෂ්ටික අවි නිර්ව්‍යාප්ත ජාත්‍යන්තර පද්ධතිය විනාශ කිරීම, අවි තරගය දිරිගැන්වීම හා කලාපීය සාමය හා ආරක්ෂාවට තර්ජන ගෙන දී ඇතැයි Geng Shuang මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම