චීන ජනපති රුසියාව සමග මිත්‍රත්ව, සහයෝගීතා හා සාම ගමන අරඹයි
2023-03-21 09:17:00
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියාවේ නිල සංචාරයක් සඳහා ඊයේ(20) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් රුසියාවේ මොස්කව් අගනුවරට ළඟා විය. හෙ‍තෙම මොස්කව් Vnukovo ගුවන් තොටුපළට ළඟාවීමෙන් පසු කතාවක් පැවැත්වීය. මෙවර රුසියාවේ සංචාරයේදී තමන් ව්ලැඩ්මීර් පුටින් ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සබඳතා සහ පොදු අවධානයට නතුවන කලාපීය හා ජාත්‍යන්තර කරුණු පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වන බව චීන ජනාධිපතිවරයා එම කතාවේ සඳහන් කර තිබේ.

ෂී ජින් පිං මහතා චීන ජනාධිපති ධුරයට අඛණ්ඩව තේරී පත් වීමෙන් පසු  සිදු කළ පළමු සංචාරය මෙයයි. වඩා පරිණත හා ශක්තිමත් චීන-රුසියා සබඳතාවයක් ලෝක ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට හිතකර වන අතර එය ලෝකයට ධනාත්මක සම්පතකි.

රාජ්‍ය නායකයන් සමඟ සම්බන්ධ වීම, චීන-රුසියානු සබඳතා සඳහා මාර්ගෝපදේශයක් ලෙස සේවය කරයි. රාජ්‍ය නායකයන් දෙපළගේ උපාය මාර්ගික මගපෙන්වීම යටතේ දෙපාර්ශ්වය අතර දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව ගැඹුරු වී ඇති අතර ප්‍රායෝගික සහයෝගීතාව අඛණ්ඩව පුළුල් වී ඇත. එසේම දෙරට අතර ජාත්‍යන්තර සහයෝගීතාව සමීප හා ඵලදායී වන අතර පාරම්පරික මිත්‍රත්වය වඩා ගැඹුරින් පැතිර යයි.

වසර 10කට පෙර, ෂී ජින් පිං මහතා මොස්කව්හිදී ලෝකයට ප්‍රධාන මුලපිරුමක් යෝජනා කරමින් "මම ඔබ අතර, ඔබ මා අතර" යන ඉරණම සහිත පොදු ප්‍රජාවක් පිළිබඳ චින්තනයක් ඇති කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය. එතැන් සිට, චීනය "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ, ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම අනුපිළිවෙළින් යෝජනා කර ඇත. චීනය ජාත්‍යන්තර, කාලීන හා ඓතිහාසික වෙනස්කම්වලට මුහුණ දීම සඳහා තම විසඳුම් සපයා දී තිබේ.

ෂී ජින් පිං මහතාගේ මෙවර රුසියා‍වේ "මිත්‍රත්ව, සහයෝගීතා හා සාම ගමන", ද්විපාර්ශ්වික සබඳතාවල විධිමත් හා ස්ථාවර සංවර්ධනයට නව ජවයක් ගෙන එනු ඇතැයි විශ්වාස කෙරේ. එය දෙරට ජනතාවට ඉහළ සුභ සෙත සලසා ලෝක සංවර්ධනයට හා ප්‍රගතියට වැඩි දායකත්වයක් ලබා දෙනු ඇතැයි නිසැකය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම