චීනය හා රුසියාව අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගතා පුළුල් කෙරේ
2023-03-21 19:38:47
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගේ රුසියා නිල සංචාරය නිමිත්තෙන්, චීන මාධ්‍ය සමූහය සහ සමස්ත රුසියානු රාජ්‍ය රූපවාහිනී හා ගුවන් විදුලි සංස්ථාව අද(21) මොස්කව් නුවර දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. ඓතිහාසික රූප දත්ත ඒකාබද්ධව සංවර්ධනය කිරීමට සහ භාවිත කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූහ.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු නියෝජ්‍ය අධ්‍යක්ෂ හා චීන මාධ්‍ය සමූහයේ ප්‍රධානී Shen Haixiong මහතා සහ සමස්ත රුසියානු රාජ්‍ය රූපවාහිනී හා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා, දෙපාර්ශ්වයන් වෙනුවෙන් අදාළ ගිවිසුම්වලට  අත්සන් තැබූහ.

ඉතිහාසය හොඳම පෙළ පොත බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා නැවත නැවතත් අවධාරණය කරන බව, Shen Haixiong මහතා එහිදී සඳහන් කළේ ය. පොදු ප්‍රතිලාභ සහ සම්පත් බෙදාගැනීම තුළින් දෙපාර්ශ්වයම එක්ව ඓතිහාසික වීඩියෝ නිශ්පාදනයන් සංවර්ධනය කර ප්‍රයෝජනයට ගනු ඇතැයි අපේක්ෂා කරන බවත්, දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සාම්ප්‍රදායික මිත්‍රත්වය ගැඹුරු  කිරීමට හැකිවනු ඇති බවත්, Shen Haixiong මහතා එහිදී කියා සිටියේ ය.

මෙම අවබෝධතා ගිවිසුමට අනුව, චීන මාධ්‍ය සමූහය සහ සමස්ත රුසියානු රාජ්‍ය රූපවාහිනී හා ගුවන් විදුලි සංස්ථාව, ඓතිහාසික රූප දත්ත ප්‍රතිසංස්කරණය, පර්යේෂණ සහ භාවිතය ඒකාබද්ධව සිදු කරනු ඇත. ඊට අමතරව, වාර්තා චිත්‍රපට සහ විශේෂාංග චිත්‍රපට  සැලසුම් කිරීම සහ සම-නිෂ්පාදනයේ ද නිරත වනු ඇත. මෙම වැඩසටහන් දෙපාර්ශ්වයේ මාධ්‍ය වේදිකාවල  විකාශය කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම