"ෂී ජින් පිං මහතාගේ ප්‍රියතම සම්භාව්‍ය කතා" දෙවන මාලාවේ රුසියානු අනුවාදය රුසියාවේ ඒ ඒ ප්‍රධාන රූපවාහිනී නාලිකාවල විකාශය ඇරඹේ
2023-03-20 19:48:46
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගේ රුසියා නිල සංචාරය නිමිත්තෙන්, "ෂී ජින් පිං මහතාගේ ප්‍රියතම සම්භාව්‍ය කතා" දෙවන මාලාවේ රුසියානු අනුවාදය, රුසියාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවල විකාශය කිරීම ද ආරම්භ වේ.

චීන මධ්‍යම ප්‍රචාරක උප ඇමති හා චීන මාධ්‍ය සමූහයේ ප්‍රධානී Shen Haixiong මහතා, සමස්ත රුසියානු රාජ්‍ය රූපවාහිනී විකාශන සංස්ථාවේ සභාපතිවරයා සමඟ, මෙම වැඩසටහන විකාශය ආරම්භ කරමින් දේශන පළ කළහ.

Shen Haixiong මහතා එහිදී අවධාරණය කළේ, මෙම වසර යනු ෂී ජින් පිං මහතාගේ පොදු මානව ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැගීමේ සංකල්පය ඉදිරිපත් කළ 10 වැනි සංවත්සරය පමණක් නොව,  ෂී ජින් පිං මහතාගේ "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ ඉදිරිපත් කළ 10 වැනි සංවත්සරය ද වන බවයි. "ෂී ජින් පිං මහතාගේ ප්‍රියතම සම්භාව්‍ය කතා" දෙවන මාලාව රුසියාවේ විකාශය කිරීම ඉතා වැදගත් වටිනාකමක් ඇති බව, ඔහු සඳහන් කළේ ය.

ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීමට ප්‍රතිචාර දැක්වීම සඳහා, චීන-රුසියානු හුවමාරු සහ අන්‍යෝන්‍ය ඉගෙනීම හා මිනිසුන් අතර බැඳීම් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම, පොදු මානව ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය භූමිකාවට ඉන් පූර්ණ දායකත්වය ලබා දෙනු ඇතැයි, දෙපාර්ශ්වයම එහිදී පෙන්වා දුන්හ.

මේ වනවිට, "ෂී ජින් පිං මහතාගේ ප්‍රියතම සම්භාව්‍ය කතා" නිකුත් කිරීම සඳහා, රුසියානු, ඉංග්‍රීසි, ජපන්, කොරියානු, ස්පාඤ්ඤ යන බහු භාෂා අනුවාදවලට සම්පාදනය කර තිබේ. එය විදේශයන්හි බිලියන 4.8ක පමණ පිරිසක් වෙත ළඟා වී ඇති අතර, ලොව පුරා උද්යෝගිමත් ප්‍රතිචාරයන් හිමිවෙමින් තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම