චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමේ අයිතිය වෙනත් රටවලට අහිමි කිරීමට ඇමරිකාවට ඇති සුදුසුකම් මොනවාදැයි ප්‍රශ්ණ කෙරේ
2023-03-20 18:43:58
Share with:

වාර්තාවලට අනුව, හොන්ඩුරාස් ජනාධිපතිවරයා චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමට බලාපොරොත්තු පළ කිරීමෙන් පසු, හොන්ඩුරාස් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට ඇමරිකාව පීඩන එල්ල කරමින් සිටී.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(20) මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ, මෙම වාර්තා සත්‍ය නම්, “රටවල් ස්වෛරීභාවය මත පදනම්ව ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය තීරණය කිරීම” යන ඇමරිකානු ප්‍රකාශය, හුදෙක්හ හරසුන් පුහු කතාවක් බව මෙමගින් මනාව පැහැදිලි වන බවයි.

චීනය සමඟ සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳ හොන්ඩුරාස් රජය ධනාත්මක ප්‍රකාශය චීනය පිළිගනී. ඕනෑම ස්වෛරී රාජ්‍යයකට වෙනත් රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීමට ස්වාධීනව තෝරා ගැනීමේ අයිතිය ඇති අතර, වෙනත් රටවලට ඊට මැදිහත්වීමට අයිතියක් නොමැති බව, Wang Wenbin මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම