චීන ජනපති තම නමින් රුසියානු මාධ්‍යන් හි ලිපියක් පළ කරයි
2023-03-20 09:53:02
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියානු මාධ්‍යයන් හි සිය නමින් ලිපියක් පළ කරයි. එරට Russia Gazette පුවත්පතේ, RIA Novosti ප්‍රවෘත්ති ඒජින්සි වෙබ් අඩවියේ අද(20) එම ලිපිය පළ කොට තිබේ. ‘ අධිෂ්ඨානශීලී ව ගමන් කරමින් චීන-රුසියා මිත්‍ර සහයෝගිතාව මෙන් ම පොදු සංවර්ධනය උදෙසා නව පරිච්ඡේදයක් ආරම්භ කරන්නෙමු ’ යන මැයෙන් ජනාධිපතිවරයා එම ලිපිය නිකුත් කළේ තමා නිරත වීමට නියමිත රුසියානු නිල සංචාරය නිමිත්තෙනි.

ෂී ජින් පිං මහතා සිය ලිපියේ සඳහන් කරන්නේ වසර 10කට පෙර චීන ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීමෙන් පසු රුසියාව තමා සංචාරය කළ ප්‍රථම රට බවයි. ගතවූ වසර 10 තුළ, අවස්ථා 8ක්  රුසියාවේ නිල සංචාරයන් හි නිරත වූ තමා ව්ලැඩ්මීර් පුටින් ජනාධිපතිවරයා සමග එක්ව චීන-රුසියා සබඳතාවේ නව පරිච්ඡේදයන් ආරම්භ කර තිබේ.

චීන-රුසියා සමබඳතාව වසර 70කට වැඩි කාලයක් ආරක්ෂා වී ඇත. දෙරටේ සබඳතාව ජාත්‍යන්තර පරිසර වෙනස්කම් වලට ඔරොත්තු දීමට හැකි වී ඇත්තේ රටවල් අතර නිසි පැවැත්ම ගොඩනැංවීමට හැකිවීම හේතුවෙන් බව ඉතිහාසය හා අත්දැකීම් වලින් සනාථ වී ඇත.

තමා නිරත වීමට නියමිත රුසියානු සංචාරය මිත්‍රශීලී සහයෝගිතාවෙන් යුතු සාමකාමී සංචාරයකි. ව්ලැඩිමීර් පුටින් මහතා සමග එක්ව, චීන-රුසියා පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය උදෙසා වන නව ඉදිරි දැක්මක්, නව ක්‍රියාපිළිවෙළක් සැළසුම් කිරීම තම අපේක්ෂාව බව ද චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය ලිපියෙන් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම