චීන ජනපතිට තවදුරටත් විදෙස් නායකයින්ගෙන් සුබ පැතුම්
2023-03-20 11:04:01
Share with:

චීන ජනපති ධූරයට තේරී පත්වීමෙන් පසු ෂී ජින්පිං මහතා වෙත තවදුරටත් රටවල් රැසක නායකයෝ සුබ පැතුම් පිරිනමති.

චීන ජනතාවගේ සමෘද්ධිය සහ සුබසාධනය තහවුරු කිරීමේදී ෂී ජින්පිං මහතා සැබවින්ම සුවිශේෂ නායකත්වයක් පෙන්නුම් කර ඇති බව පිලිපීනයේ ජනාධිපති Bongbong Marcos මහතා ෂී ජින්පිං මහතාට උණුසුම්  සුබ පැතුම් පිරිනමමින් සිය පණිවිඩයේ සඳහන් කර සිටී.

චීනයේ දේශීය හා විදේශීය සංවර්ධන ජයග්‍රහණ වර්ධනය කිරීමේදී ෂී ජින්පිං මහතාගේ නායකත්වයට චීන ජනතාව අවංකව සහය පළ කරමින් ඊට දැඩි අනුබල දෙන බව තායිලන්ත අග්‍රාමාත්‍ය Prayut Chan-o-cha මහතාගේ සුබ පැතුම් පිණිවුඩයේ සඳහන් වේ.

එමෙන්ම ඊශ්‍රායල ජනාධිපතිවරයා, ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාරවරයා, ක්‍රොඒෂියාවේ ජනාධිපතිවරයා සහ යුක්රේන ජනාධිපතිවරයා ඇතුළු විවිධ රටවල නායකයෝ ද ෂී ජින් පිං මහතාට සුබපැතුම් පළ කළහ.

ඊට අමතරව, විදේශ රටවල නායකයන් පණිවුඩ හා ලිපි මාර්ගයෙන් 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ හා චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරයේ තේරී පත් වූ වෙනත් චීන නායකයින් වෙත ද සුබ පැතුම් පිරිනමා ඇත. ශ්‍රී ලංකාවේ ආග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, නේපාලයේ අගමැති Pushpa Kamal Dahal මහතා, පාකිස්ථාන සෙනෙට් මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ඒ ඒ රටවල නායකයන් ද චීන නව අග්‍රාමාත්‍ය Li Qiang මහතා වෙත සුබපැතුම් එවා තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම