චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියානු සංචාරය අරඹයි.
හෙතෙම අද (20) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් රුසියාවේ මොස්කව් අගනුවරට ළඟා විය. ෂී ජින් පිං මහතා මොස්කව් Vnukovo ගුවන් තොටුපළට ළඟාවීමෙන් පසු ලිඛිත කතාවක් පළ කළේ ය. මීට වසර 10කට පෙර චීන ජනාධිපතිවරයා වශයෙන් සිදු කළ පළමු රුසියානු සංචාරය හෙතෙම මුලින් ම එම ලිඛිත කතාවෙන් සිහිපත් කළේ ය. ගෙවුණු වසර 10 තුළ චීනය හා රුසියාව කිසිදු පාර්ශ්වයක් ඉලක්ක නොකර නොබැඳි ප්‍රතිපත්තිය අනුගමනය කරමින් ලොව ප්‍රබල රටවල සම්බන්ධතාවල නව ආකෘතියක් ගොඩ නගා ඇත. චීනය හා රුසියාව ලොව ප්‍රබල රටවල් මෙන් ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජිකයන් ය. එබැවින් ජාත්‍යන්තර කටයුතුවලදී චීනයට හා රුසියාවට ඉතා වැදගත් භූමිකාවන් හිමි වන බව ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි.මෙවර රුසියානු සංචාරයේදී තමන් ව්ලැඩ්මීර් පුටින් ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික සබඳතා සහ පොදු සැලකිල්ල දක්වන කලාපීය හා ජාත්‍යන්තර කරුණු පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වන බව චීන ජනාධිපතිවරයා එම කතාවේ සඳහන් කර තිබේ.