පලස්තීනය සහ ඊශ්‍රායලය සියලු ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග අවසන් කිරීමට එකඟත්වය පළ කරයි
2023-03-20 09:16:45
Share with:

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර ආතතීන් ලිහිල් කිරීම ඉලක්ක කරගත් පාර්ශව පහක රැස්වීමක් ඊයේ (19) ඊජිප්තු වෙරළබඩ නගරයක් වන ෂර්ම් එල්-ෂෙයික්හි දී අවසන් විය. ඊජිප්තුවේ අනුග්‍රහය යටතේ, පැවති මෙම සාකච්ඡාවට පලස්තීනය,ඊශ්‍රායලය,ජෝර්දානය සහ ඇමරිකාවේ දේශපාලන සහ ආරක්ෂක නිලධාරීන් සහභාගී වී ඇත. ඊජිප්තු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙහි අරමුණ පලස්තීනයේ සහ ඊශ්‍රායලයේ සියලු ඒකපාර්ශ්වික ක්‍රියා සහ ප්‍රචණ්ඩකාරී ගැටුම් නැවැත්වීම, ආතතීන් ලිහිල් කිරීම සහ සාම සාකච්ඡා ක්‍රියාවලිය කඩිනමින් යළි ආරම්භ කිරීම සඳහා දිරි ගැන්වීමක් ඇති කිරීම බවයි. රැස්වීමෙන් පසු නිකුත් කළ නිවේදනයට අනුව, ඊශ්‍රායල රජය සහ පලස්තීන ජාතික බලායතනය මාස තුනේ සිට මාස හයක කාලයක් සඳහා වලංගු වන පරිදි සියලුම ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග නැවැත්වීමට වහාම පියවර ගන්නා බවට පොරොන්දු වී ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම