චීන විදේශ අමාත්‍යාංශය "2022 ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය" නැමැති වාර්තාව නිකුත් කරයි
2023-03-20 11:26:55
Share with:

චීන විදේශ අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය "2022 ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය" නැමැති වාර්තාව නිකුත් කරයි.

අද (20) නිකුත් කළ එම වාර්තාවෙන් විවිධ සත්‍ය තොරතුරු සහ මාධ්‍ය ප්‍රවීණයන්ගේ අදහස් විශාල ප්‍රමාණයක් භාවිත කර, පසුගිය වසරේ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ තත්ත්වය පෙන්නුම් කර තිබේ. එරට ප්‍රජාතන්ත්‍රවාදයේ වියවුල් සහගතභාවය සහ එම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ලෝකයට සිදු කළ ව්‍යසනයන් එම වාර්තාවෙන් හෙළිදරව් කර ඇත. ඉන් ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ මුහුණුවර පිළිබඳව ලෝකයට වඩාත් හොඳින් වටහා ගත හැකිය.

ජනතාවාදී භාවයෙන් පිරිපුන් ප්‍රජාතාන්ත්‍රවාදය චීනය අනුගමනය කරන බව එම වාර්තාව අවධාරණය කරයි. ජාත්‍යන්තර සබඳතාව තුළින් ප්‍රජාතන්ත්‍රීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා, සෙසු රටවල් සමඟ එක්ව අදහස් හුවමාරුව ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද වාර්තවේ දැක්වෙයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම