රුසියානු-චීන සම්බන්ධතා ලොව බලවතුන් සඳහා ආදර්ශයක් බව රුසියානු ජනාධිපතිවරයා කියයි
2023-03-20 17:11:33
Share with:

       

       

       රුසියානු-චීන සම්බන්ධතා ලොව බලවතුන් සඳහා ආදර්ශයක් බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා පවසයි.

         චීන ජනාධිපතිවරයාගේ රුසියානු සංචාරය වෙනුවෙන් ව්ලැඩ්මීර් පුටින්  ජනාධිපතිවරයා අද (20) චීන මහජන දිනපතා පුවත්පතේ ලිපියක් පළ කර ඇත. ගත වූ වසර 10 තුළ රුසියාව හා චීනය අතර පවතින සම්බන්ධතා අඛණ්ඩව වර්ධනය වෙමින් පෙර නොවූ විරූ ඉහළ මට්ටමකට ළඟා වී තිබෙන බව රුසියානු ජනාධිපතිවරයා එම ලිපියේ සඳහන් කරයි. සමානත්වතාවය, විවෘතභාවය හා නම්‍යශීලිත්වය පදනම් වන රුසියානු-චීන සබඳතා තුළින් කිසිදු පාර්ශ්වයකට මෙන් ම ගෝලීය ආරක්ෂක පද්ධතියට ද හානි හා තර්ජන එල්ල නොවේ. ලොව බලවතුන් සඳහා රුසියානු-චීන සම්බන්ධතා ආදර්ශයක් බව හෙ‍තෙම පෙන්වා දෙයි. චීන ජනාධිපතිවරයාගේ රුසියානු සංචාරයෙන් ද්විපාර්ශ්වික සම්බන්ධතා වඩාත් ශක්තිමත් වනු ඇති බවට රුසියානු ජනාධිපතිවරයා සිය ලිපියෙන් විශ්වාස පළ කර තිබේ.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම