5 වැනි බැග්ඩෑඩ් ජාත්‍යන්තර සංවාද සමුළුව ඇරඹේ
2023-03-20 15:51:27
Share with:

එම සමුළුව ඊයේ(19) ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරදී ආරම්භ විය. ඉරාක යුද්ධය අවසන් වී වසර 20කින් පසු ඉරාකයේ අනාගතය යන තේමාව යටතේ ඉරාක රජයේ නිලධාරීන් හා බොහෝ ක්ෂේත්‍රවල දෙස් විදෙස් විද්වතුන් සාකච්ඡා පවත්වනු ඇත. ඇමරිකා හමුදාව ඉරාකය ආක්‍රමණය කිරීමේ 20 වැනි සංවත්සරය  අදට(20) යෙදේ. ඉරාක අග්‍රාමාත්‍ය Mohammed Shia al-Sudani මහතා එහිදී දේශනයක් කරමින් පැවසුවේ ගෙවී ගිය වසර 20 තුළ යුද්ධය හා ත්‍රස්තවාදය හේතුවෙන් ඉරාකය බොහෝ අසීරුතාවන්ට මුහුණ දුන් බවයි. රැඳී සිටිය යුතු ස්ථානයට යළි පැමිණීම වෙනුවෙන් අධිෂ්ඨානය හා හැකියාව ඇති බව ඉරාකය සමස්ත ලෝකය වෙතම පෙන්නුම් කරනු ඇතැයි හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම