කටාර් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයාට චීන අගමැතිගෙන් සුබ පැතුම්
2023-03-19 19:04:59
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා කටාර් රාජ්‍යයේ නව අග්‍රාමාත්‍ය Mohammed bin Abdulrahman Al-Thani මහතා වෙත සුබ පැතුම් පිරිනමයි. එරට විදේශ අමාත්‍ය ධුරය ද දරන්නේ ද ඔහු යි. 17 වැනි දා මෙම සුබ පැතුම් පණිවුඩය යොමු කර ඇත.

පසුගිය දෙසැම්බර් මාසයේ, ෂී ජින් පිං ජනාධිපතිවරයා, චීන-අරාබි රටවල ප්‍රථම සමුළුවට එක් වූ අවස්ථාවේ දී Tamim bin Hamad Al Thani එමීර්වරයා හමු චී නායක දෙපළ දෙරට අනාගත සබඳතා වර්ධනය පිළිබඳ නව එකඟතාවන්ට එළඹුණු බව ලී ච්‍යං අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. කටාර් රාජ්‍යය සමග එක්ව, එම එකඟතා අනුගමනය කරමින් ද්විපාර්ශ්වික උපායමාර්ගික හවුල්කාරීත්වයේ නව ප්‍රගතීන් අත්කර ගැනීම චීනයේ අපේක්ෂාව බව ද  අගමැතිවරයාගේ  සුබ පැතුම් පණිවුඩයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම