2023 ගෝලීය ධන කළමනාකරණ සාකච්ඡා සභාව බෙයිජිං හි දී
2023-03-19 15:14:34
Share with:

2023 ගෝලීය ධන කළමනාකරණ සාකච්ඡා සභාව බෙයිජිං අගනුවර දී පැවැත්වෙයි.  ඊයේ (18) පැවති එම වාර්ෂික රැස්වීමට දෙස් විදෙස් මූල්‍ය ක්ෂේත්‍ර ප්‍රධානීහු සහ ශාස්ත්‍රීය විශේෂඥයෝ පිරිසක් එක්වූහ. ගෝලීය වෙනස්කම්වලට මුහුණදීමේ ක්‍රමවේද පිළිබඳව ඔවුහු එහිදී සාකච්ඡා කළහ.

ගෝලීය ධන කළමනාකරණ සාකච්ඡා සභාවේ සභාපති, චීනයේ හිටපු මුදල් අමාත්‍ය Lou Jiwei  මහතා එහිදී පැවසුවේ විවෘත මෙන්ම විශාල චීන වෙළඳපොළ අනාගතයේ දී විදේශ ව්‍යවසායන් සඳහා වැඩි අවස්ථා ලබාදෙන බවයි.

සංකීර්ණ හා වෙනස්වන පරිසරයක චීන වෙළඳපොළ විවෘත කිරීම, ස්ථාවරත්වය සහ සංවර්ධනය තුළින් ලොවට විවිධාංගීකරණය වූ අවස්ථා සහ තේරීම් ලබා දී ඇතැයි චීන මහජන බැංකුවේ නියෝජ්‍ය අධිපති Xuan Changneng මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම