Nord Stream ස්වාභාවික ගෑස් නල මාර්ගය පිපිරීමේ සිද්ධිය පිළිබඳ විශ්වසනීය දත්ත ලබාගැනීමට නම් තම රට ඊට අදාළ සමීක්ෂණයට සහභාගි විය යුතු බව රුසියාව කියයි
2023-03-19 15:53:38
Share with:

Nord Stream ස්වාභාවික ගෑස් නල මාර්ගය පිපිරීමේ හේතුව සහ එහි සැලසුම්කරු සම්බන්ධයෙන් විශ්වසනීය දත්ත ලබා ගත හැක්කේ තම රට එම සිද්ධිය පිළිබඳ සමීක්ෂණයට සහභාගි වීමෙන් පමණක් බව රුසියාව පවසයි.

රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Maria Zakharova මහත්මිය ඊයේ (18) මේ බව ප්‍රකාශ කළාය.

"Nord Stream" නල මාර්ගයේ පුපුරුවා හැරීමේ කඩාකප්පල්කාරී ක්‍රියාව පිළිබඳ ඒකාබද්ධ සමීක්ෂණයට රුසියාවේ සහභාගිත්වය ඩෙන්මාර්කය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. එහෙත්, තම රට මේ පිළිබඳව නගන ප්‍රශ්නවලට පිළිතුරු දෙන ලෙස රුසියානු විදේශ අමාත්‍යාංශය කෝපන්හේගන් පාර්ශ්වයෙන් අඛණ්ඩව ඉල්ලා සිටින බව ද Maria Zakharova මහත්මිය කියාසිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම