නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වෙයි
2023-03-19 15:55:31
Share with:

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය බිඳවැටී තිබේ. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සටහන් කළ ට්විටර් පණිවිඩයක මේ බව දැක්වේ.

අදාළ යන්ත්‍රය ලබන මාසයේ නඩත්තු කටයුතු සඳහා යොමු කිරීමට සැලසුම් කර තිබිය දී මෙය සිදු ව තිබේ.

කෙසේවෙතත්  ජනන යන්ත්‍රයක් බිඳවැටුණ ද, කිසිදු අයුරකින් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම