භූකම්පන පිළිබඳව අනිසි බියක් ඇති කර නොගන්නැයි ජනතාවට දැනුම් දීමක්
2023-03-19 16:13:37
Share with:

දිවයිනේ ස්ථාන දෙකකින් වාර්තා වී ඇති භූකම්පන පිළිබඳව ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ධනුෂ්ක හෙට්ටිආරච්චි මහතා පවසන්නේ, ඊයේ (18) දවස පුරා ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු - ඔස්ට්‍රේලියානු තැටිය සහ ඊට ඉහළින් පිහිටි ආසියානු තැටිය අතර භූකම්පන රැසක් සිදුව ඇති බව යි.

ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල ප්‍රදේශයේ  අද (19) අලුයම 3.30ට පමණ භූචලනයක් සිදුවිය. එසේම, ඊයේ (18) සවස 06.46 ට කිරින්ද, පලටුපාන වෙරළ තීරයෙන් තවත් සුළු භූචලනයක් වාර්තා විය. රික්ටර් මාපාංක 3 ක් සහ 2.6 ක් ලෙසින් වාර්තා වූ එම භූචලන ද්විත්වයම පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරින් සිදු ව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියාසිටී.

ගුවන් විදුලිය
20240510සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම