ඇමරිකානු ෆෙඩරල් සංචිතය බැංකු පොළී අනුපාතික ඉහළ දැමීම අත්හිටුවිය යුතු බව එරට ආර්ථික විද්‍යාඥයෝ පවසති
2023-03-19 15:45:31
Share with:

ඇමරිකානු ෆෙඩරල් සංචිතය පොළී අනුපාතික ඉහළ දැමීම අත්හිටුවිය යුතු බව එරට ආර්ථික විද්‍යාඥයෝ පෙන්වාදෙති.

ෆෙඩරල් සංචිතය පසුගිය වසරේ බොහෝ අවස්ථාවල දී බැංකු පොළී අනුපාතික ඉහළ දැමීමට පියවර ගත්තේය. ඇමරිකානු ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ, අනිසි ලෙස පොළී වැඩිකිරීම, එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන බවයි. පසුගිය දා එරට Silicon Valley බැංකුව ඇතුළු බැංකු රැසක් වසා දමනු ලැබුවේ ද, ඇමරිකානු ෆෙඩරල් සංචිතය පොළී අනුපාතික ඉහළ දැමීම නිසා සිදු වූ අයහපත් බලපෑම හේතුවෙනි.   

ඇමරිකානු ෆෙඩරල් තැන්පතු රක්ෂණ සංස්ථාවේ හිටපු උප සභාපති Thomas M. Hoenig මහතා පැවසුවේ, වසරකට අඩු කාලයක් තුළ, තම රට බැංකු පොළී අනුපාත 20 ගුණයකින් වැඩි කර ඇති බවයි. මෙය සමස්ත බැංකු කර්මාන්තයටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ද ඔහු පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම