තම සහාය ඇවැසි වූවන්ට පහනක් ව දැල්වෙන දිරිය කත
2023-03-19 16:57:59
Share with:

ආබාධිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක වන Yangyang බරපතල අයුරින් බිහිරි භාවයට පත්වුණේ, ඇය සිව් හැවිරිදි දැරියක ව සිටිය දී. අනේකවිධ දුක්වේදනා අත්විඳීමට සිදුවුවත්, ඇය කිසිවිටෙකත් සිය ජීවන අපේක්ෂාවන් අත්හැරියේ නැහැ. පසුකාලීනව ගණකාධිකාරිනියක, විකුණුම්කාරිනියක ලෙස ඇයට කටයුතු කළ හැකිවුණේ ඒ ආත්ම ධෛර්යය නිසයි. කෘත්‍රිම කර්ණ ශංඛයක් බද්ධ කර සිටින ඇය  ශ්‍රවණාධාර කට්ටලයක් පැළඳ සිටිනවා. මේ නිසා ඇයට දුරකථන සංවාදවල පවා නිරතවිය  හැකිවීම සුවිශේෂයි.

පසුගිය දා බෙයිජිං හි පැවති චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ සාමාජිකාවක ලෙස එහි පළමු සැසිවාරයට එක්වූ Yangyang පැවසුවේ, නවයුගයේ ජීවත්වීම ගැන තමා අතිශය සතුටට පත්වන   බවයි. සවන් දීමට සහාය වන නවීන උපකරණ හා බාධාවලින් තොර තොරතුරු පරිසරය ද සැලකිය යුතු අයුරින් වර්ධනය වී තිබෙනවා. ශ්‍රවණාබාධිත දරුවන් පාසල්වල දී සාමාන්‍ය සිසුන් සමග එකම පන්තියක ඉගෙනුම ලැබීම විශේෂත්වයක්.

ශ්‍රවණාබාධිත වූවන්ට නිරතවිය හැකි වෘත්තීන් වර්ග මේ වනවිට පුළුල් කර ඇති බවත් Yangyang පවසනවා. භාණ්ඩ බෙදාහරින්නන්, වෛද්‍යවරුන්, නීතිඥයන් මෙන්ම රාජ්‍ය සේවකයන් ලෙසත් ඔවුන් ක්‍රියා කරමින් සිටිනවා.

‘මෙවන්  ප්‍රශස්ත සහයෝගයක් ලද අපට පහනක් මෙන් අන්අයට ආලෝකය පැතිරවිය හැකියි.’ Yangyang පවසනවා. ආබාධිත පුද්ගලයන්ට වඩාත් සුදුසු සමාජ පරිසරය සංවර්ධනය කිරීමේ නීති සම්පාදනය සඳහා ඇය සක්‍රිය ලෙස පෙනී සිටිනවා. පුළුල් සහභාගිත්වයෙන් යුතු, සමස්ත ජනතාවගේ අවශ්‍යතාවන්ට සරිලන, සුන්දර සමාජයක් නිර්මාණය කිරීම ඇගේ පරම අපේක්ෂාව යි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම