චීන ජනපතිගේ රුසියානු සංචාරය මිත්‍රත්වයේ, සාමයේ හා සහයෝගිතාවයේ පියවරකි
2023-03-19 19:39:57
Share with:

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගේ ආරාධනයකට අනුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  මාර්තු 20 සිට 22 දක්වා රුසියාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. හෙතෙම යළි ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු  සහභාගි වන පළමු විදෙස් සංචාරය මෙයයි. මිත්‍රත්වය, සහයෝගිතාව සහ සාමයේ සංචාරයක් වන එය නව යුගයක චීන-රුසියානු විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය සඳහා වන මනා සැලැස්මකි.

ගෙවීගිය වසර දහයක කාලයක් තුළ මෙම රාජ්‍ය නායක දෙපළ 40 වතාවක් හමු වී තිබේ. එම දෙපළගේ මගපෙන්වීම යටතේ චීනය සහ රුසියාව ප්‍රධාන රටවල් අතර අන්‍යොන්‍ය උපායමාර්ගික විශ්වාසයේ නව මාවතකට සාර්ථකව අවතීර්ණ වී ඇති අතර, එය ජාත්‍යන්තර සබඳතා සඳහා ආදර්ශයක් වී ඇත.

ෂී ජින් පිං මහතා ගේ මෙවර රුසියානු රාජ්‍ය සංචාරය චීන ජනාධිපතිවරයා ලෙස රුසියානු භූමියට පා තබන නවවැනි අවස්ථාවයි. මෙම සංචාරයේ දී නායකයන් දෙදෙනා ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම පොදු අවධානය යොමුවන ප්‍රධාන ජාත්‍යන්තර සහ කලාපීය කරුණු පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරු කර ගනු ඇත. එසේම, ද්විපාර්ශ්වික උපායමාර්ගික සම්බන්ධීකරණය සහ ප්‍රායෝගික සහයෝගිතාව ප්‍රවර්ධනය කර දෙරට සබඳතා වර්ධනයට නව ජවයක් එමගින් හිමිවනු ඇත.

වර්තමානයේ යුක්රේනයේ අර්බුදය ගෝලීය අවධානයට ලක්ව ඇත. ජනාධිපති ෂී ජින් පිං මහතාගේ මෙවර රුසියානු සංචාරය සාමයේ සංචාරයකි. යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් චීනය සිය වෛෂයික සහ සාධාරණ ස්ථාවරය තහවුරු කරන අතර, සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමේ දී ඵලදායී කාර්යභාරයක් ද ඉටුකරනු ඇත.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම