ප්‍රචණ්ඩත්වයෙන් හා ත්‍රස්තවාදයෙන් සිදු වූ හානිය චීනයේ නියෝජිතයෙක් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී විග්‍රහ කරයි
2023-03-19 15:54:43
Share with:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 52 වැනි සැසිවාරයේ දී චීනයේ නියෝජිතයෙක් ප්‍රචණ්ඩත්වයෙන් හා ත්‍රස්තවාදයෙන් සිදු වූ  හානිය අනාවරණය කරයි.

පසුගිය 17 වැනිදා පැවති එම සැසිවාරයේදී චීනයේ ෂින්ජ්‍යං උවේගුර් ස්වායත්තයේ නියෝජිතයෙකු දේශනයක් පවත්වමින් පැවසුවේ,  නීතියට අනුකූලව ෂින්ජ්‍යංහි ත්‍රස්තවාදය මැඩපැවැත්වා අපරාධකරුවන් මර්දනය කිරීම, ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමට, සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහ මානව හිමිකම් සුරැකීමට ගත් සාධාරණ පියවරක් බවයි. ෂින්ජ්‍යං හි අන්තවාදීකරණය තුරන් කර ඇති අතර, කිසිදු ආකාරයක ජනවාර්ගික වෙනස්කම් නොපවතින බව ද හෙතෙම කියා සිටියේය. එය අන්තවාදය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට විරුද්ධ වීම පිළිබඳ නිවැරදි විධිවිධානයක් බව ද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම