පශු සම්පත් ක්ෂේත්‍රය යළි නගාසිටුවීමට ඉන්දීය රජයේ සහාය
2023-03-19 14:28:15
Share with:
මෙරට පශු සම්පත් ක්ෂේත්‍රය යළි නගාසිටුවීම සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ලබාදීමට මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා එකඟතාව පළකරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති සාකච්ඡාවක දී එම එකඟතාව පළකෙරුණු බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
ඉන්දියානු පශු සම්පත් ගොවිපොළවල දැනට භාවිතා කරන නවීන තාක්ෂණය මෙන්ම උසස් වර්ගයේ ගවයන් අප රටට ලබා දීමට ද එරට රජය පියවර ගනු ඇත. විවිධ බලපෑම් හේතුවෙන් පසුගිය වසරේ මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තය 19% කින් පමණ පහත වැටිණ.