දින 75 ක දී 1600 කට අධික පිරිසක් දකුණු කොරියාවේ රැකියා සඳහා යති
2023-03-18 14:59:56
Share with:

මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ගත වූ කාලය තුළ ශ්‍රී ලාංකිකයන් 1,678 ක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා ගිය 1490 ක පිරිසක් සහ ධීවර ක්ෂේත්‍රයට එක්වන 188 දෙනෙක් ඊට ඇතුළත් වෙති. 

මෙම වසරේ දී ශ්‍රී ලාංකිකයන් 6500 ක් දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුකිරීමට අපේක්‍ෂා කරන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියාසිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම