ශ්‍රී ලංකාව විසින් ලබාගැනීමට අපේක්ෂිත විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල හමුවක් ලබන 20 වැනිදා පැවැත්වෙයි. එහිදී ගන්නා තීරණ දැනුම්දීම සඳහා ලබන 21 වනදා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සහ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා ද හමුවට එක්වන බව එම අරමුදල දැනුම් දී තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින්, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ මෙම විස්තීරණ ණය පහසුකම හිමිවීමෙන් පසු මේ වසරේ සිව්වන කාර්තුවේ දී මෙරට ආර්ථිකය ස්ථාවරත්වයට පත්වනු ඇති බවයි. එසේම, 20 වැනි දා අදාළ අනුමැතිය ලැබෙනු ඇති බවත්, පළමුවැනි වාරිකය ලෙස මාර්තු මාසයේ දීම ඩොලර් මිලියන 330කට ආසන්න මුදල් ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
එසේම දැනට ක්‍රියාශීලීත්වය අතින් පහළම මට්ටමක පවතින රාජ්‍ය ආයතන 40 ක් පමණ මුදල් අමාත්‍යාංශය යටතට ගෙන වසා දැමීමට පියවර ගන්නා බව ද ඔහු පැවසීය. ඒවායේ සේවකයන්ට අසාධාරණයක් සිදුනොවන්නට වගබලා ගන්නා බව ද අමාත්‍යවරයා කියාසිටී.