උසස් අධ්‍යාපනය වෙනුවෙන් සිසුන්ට ණය ලබාදීම තවදුරටත් පුළුල් කෙරේ
2023-03-18 14:33:21
Share with:

උසස් පෙළ සමත්ව රජයේ විශ්වවිද්‍යාල වෙත ඇතුළත් විය නොහැකි සිසුන්ට උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා රුපියල් ලක්ෂ 8 ක මුදලක් ලබාදීම නැවත ආරම්භ කිරීමට රජය පියවර ගනී. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියාඹලාපිටිය මහතා නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.

ඊට අමතරව ඔවුන්ගේ එදිනෙදා වියදම් සදහා රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබා දීමට ද නියමිත ය. අදාළ ණය මුදල පොළී රහිතව ලබා දීමට පියවර ගැනේ. ණය පොළී අනුපාත මේ වන විට 25% ටත් වඩා ඉහළ අගයක පවතින බැවින් අදාළ පහසුකම සිසුන්ට ලබාදීමට රජය තීරණය කළ බව ද නිවේදනයේ සඳහන් වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සිසුන් 5,000 කට එම ණය පහසුකම හිමිවනු ඇත. දැනට ලංකා බැංකුව මගින් පමණක් ලබා දෙන අදාළ ණය පහසුකම ඉදිරියේදී මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් ද ලබාදීමට අපේක්ෂිතයි. අදාළ ණය මුදල ආපසු ගෙවිය යුත්තේ, අධ්‍යාපන කටයුතු අවසන් කර වසරක් ගත වී රැකියාවක් ලැබීමෙන් පසුව වීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම