තම රට ජපානය කෙරෙහි දක්වන අනිසි රාජ්‍යතාන්ත්‍රික භාවයට දකුණු කොරියානු කොංග්‍රස සභිකයන්ගෙන් විරෝධතා
2023-03-18 15:58:20
Share with:

තම රට, රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ජපානය කෙරෙහි අනුගමනය කරන ස්ථාවරයට දකුණු කොරියානු කොංග්‍රස සභිකයෝ විරෝධය පළ කරති.

ජපානයේ නිල සංචාරයක නිරත දකුණු කොරියානු ජනාධිපති Yoon Seok-Youl මහතා ඊයේ(17) පස්වරුවේ දකුණු කොරියානු-ජපාන ව්‍යාපාරික වටරවුම් සාකච්ඡාවට එක්විය. 2011 වසරට පසු,  එම දෙරට අතර රාජ්‍ය නායක නිල සංචාරයක් සිදුවන ප්‍රථම අවස්ථාව මෙයයි. පසුගිය 16 වැනි දා පැවති සාකච්ඡාවේ දී, ‘දකුණු කොරියානු-ජපාන හමුදාමය බුද්ධිමය තොරතුරු සුරැකීමේ ගිවිසුම’ යළි ක්‍රියාවට නැංවීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය එකඟ වී ඇත.

යටත්විජිත කාලය තුළ, ජපාන ව්‍යවසායයන් සඳහා බලහත්කාරයෙන් ශ්‍රමිකයන් යොදවා ගැනීම සම්බන්ධයෙන් වන්දි ලබා දීමේ අවශ්‍යතාව දකුණු කොරියානු රජය පසුගිය දා ප්‍රකාශයට පත්කළේය. මෙවැනි පසුබිමක තම ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වීම පිළිබඳව දකුණු කොරියානු ජනතාව සිය කණස්සල්ල පළකර ඇත.

එසේම, එරට විපක්ෂයේ වැඩිම බලය හිමි Minjoo පක්ෂය නියෝජනය කරන කොංග්‍රස සභිකයෝ පෙළපාළියකට එක්වෙමින් තම රට ජපානය කෙරෙහි දක්වන අනිසි රාජ්‍යතාන්ත්‍රික භාවයට විරෝධය දැක්වූහ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම